නවසීලන්තයෙන් රෝගීන් වාර්තා නොවෙයි
- 2020-05-04 22:10:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙලිංටන් (ෂිංහුවා)- පසුගිය පැය 24 තුළ නවසීලන්තයෙන් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් වාර්තා වී නොමැත. නවසීලන්තය තුළින් කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වී නොතිබෙන්නේ දින 49 කට පසුවය. එරට රෝගීන් සංඛ්‍යාව 1,487 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉරිදා අවසන් වන විට නවසීලන්තයේ මිය ගිය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර මේ වන විට රෝගීන් 1,276 ක් සුවය ලබා තිබේ.
නවසීලන්තයේ මේ වන විට රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 4ක් වන අතර දැඩි සත්කාර ඒකකවල රෝගීන් නොමැත.
පසුගිය අඟහරුවාදා එරට කොවිඩ් අනතුරු ඇඟවීමේ මට්ටමේ 4 සිට මට්ටම 3 දක්වා මාරු වූ අතර වැඩිදුර සමාලෝචනයට පෙර සහ අවම වශයෙන් සති දෙකක කාලයක් 3 වන මට්ටමේ රැඳී සිටිනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments