නවසීලන්ත අගමැති හා ඇමති මණ්ඩලය සියයට 20කින් වැටුප් කප්පාදු කර ගනියි
- 2020-04-13 23:22:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වසංගතය හේතුවෙන් තම ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් මාස හයක කාලයක් සඳහා තමාගේ හා තම අමාත්‍ය මණ්ඩලයේ වැටුප් මාස හයක කාලයක් සඳහා සියයට 20කින් කප්පාදු කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළාය.
රැකියා අහිමිවූ, වැටුප් කප්පාදුවට ලක්වූ හෝ වැටුප් සහනාධාර මත යැපෙන අය වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇය ප්‍රකාශ කළාය.
"විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි." යැයි ඇය පැවැසුවාය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ වාර්ශික මූලික වැටුප NZ $ 470,000 (£ 226,000; $ 285,000)කි.. රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ගේ හා අනෙකුත් දේශපාලනඥයින්ගෙ වැටුප් ද කප්පාදු කරන බව ඇය පැවසුවාය.
නවසීලන්තයේ වෛරසය පැතිර යෑමට ප්‍රථමය ඇය රට අගුළුදැමූ අතර එම තීරණය ගැනීම පිළිබඳව ඇයට ගොලීය වශයෙන් ප්‍රසාදය හිමිවිය.
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් නවසීලන්තයේ ආර්ථිකයට මේ වසරේදී 7.2% ක බලපෑමක් එල්ල විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments