පැරිසිය සිසිල් කිරීමටපාසල් තුළ හරිත කලාප ඉදි කෙරේ
- 2018-08-31 14:37:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රංශයේ පැරිස් නගරය තුළ පවතින ඉහළ උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙන් එහි පිහිටි පාසල් තුළ හැකි පමණින් හරිත කලාප ඉදිකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙම අධික උෂ්ණත්වය නිසා ප්‍රංශයේ ග්‍රීෂ්ම ඍතු සමයේදී එම පාසල්වල දරුවන් දැඩි අපහසුතාවට පත්වූ බව හඳුනාගෙන තිබීම මෙයට හේතුවයි.
විශේෂයෙන්ම මෙම පාසල් තුළ ඇති කොන්ක්‍රීට් ඉදිකිරීම් හේතුවෙන් සුර්යාලෝකය ඒවාට වැදී පරාවර්තනය වී ඉහළ උෂ්ණත්වයක් පිට කරයි. වාර්තාවලට අනුව පසුගිය වසරේ ජුනි මාසයේදී පැරිස් නුවර නුවර පිහිට එවැනි පාසල් බිමක උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ නැග තිබේ. මේ හේතුවෙන් පාසලේ දෛනික කටයුතු පවා ඇණ හිට ඇති අතර, ගුරුවරුන් දින තුනක කාලයක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමෙන් වැළැකී තිබේ.
ඒ අනුව මේ තත්ත්වයට පිළියමක් ලෙස පැරිසියේ පිහිටි පාසල් හි ඇති මිදුල කොටස තුළ මෙවැනි ක්ෂේමභූමි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අවධානය යොමු කර ඇත. මෙලෙස පාසැල් තුළ පිහිටි කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනස් කිරීමට ලක් කිරීම %අයිලන්ඩ්ස් ඔෆ් කූල්^ ලෙස නම් කර තිබේ. මේ හරහා පැරිස් නුවර උෂ්ණත්වය අවම කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.
මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම සඳහා පැරිස් නුවර පවතින අවම හරිත අවකාශ ප්‍රමාණය හේතුවී ඇතැයි දැනටමත් හඳුනාගෙන ඇත. අද වනවිට එය නගරයේ භූමි ප්‍රමිණයෙන් 9.5෴ ක් පමණක් වන අතර එය යුරෝපියානු නගර අතර අඩුම භූමි ප්‍රමාණයද වෙයි. එහෙත් ලන්ඩන් නුවර තුළ 33෴ ක් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර 35෴ක්ද ආදී ලෙස මෙම හරිත අවකාශය සඳහා අවස්ථාව ලබා දී ඇත.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments