Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට  ඉදිකරන ලද  කෞතුකාගාරය  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  අදහසකට අනුව නාවික හමුදාධිපතිගේ  පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සකස් කර ඇති අතර ඒවා සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත. එසේම කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත. මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.

ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කිරිමට යෙදුණු  මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනිමට තීරණය කලද කෙටි කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන්  විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් මෙම ව්‍යපෘතිය කරගෙන යාමට නාවික හමුදාව කටයුකු කරන ලදි.

තවද මෙම කෞතුකාගාරය නිර්මාණය කිරිම සදහා අවශ්‍ය ඉවත ලන ‍කොන්ක්‍රීට් ලබා දිමට ICC ඉදිකිරීමේ සමාගම කටයුතු කල අතර INSEE සිමෙන්ති සමාගම සහ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ විශාල සහයෝගයක් ලබා දීමට කටයුතු කර ඇත. 

මෙ‍ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ  ප්‍රධාන අරමුණ  ලෙස කොරල් පර නැවත වර්ධනය කර ගැනිම මෙන්ම මත්‍ස්‍ය සම්පත වර්ධනය කර ගැනිම දැක්විය හැකිය. තවද මේ වන විටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනනය ආරම්භ වි ඇති අතර ඉතා නුදුරු කාලයේදි සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමි වනු ඇත. ‍

කෙසේ වෙතත් මෙම ව්‍යපෘතිය ආරම්භ කිරිමෙන් පසු එහි මූලික අවදිය තුල මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සදහා ධීවර ප්‍රජාව කටයුතු නොකල යුතු අතර, ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනනය වර්ධනයවු පසු එහි උපරිම ඵල නෙලා ගැනිමට ඔවුන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ඉතා සුවිශේෂි මුහුණුවරක් ගත් අතර ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපති තුමන් දිය යටදි පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම නැවුම් අත්දැකීමක් විය. 

මෙම අවස්ථාවේදී මෙම සුවිශාල ව්‍යාපෘතිය සඳහා ඇප කැප වී කටයුතු කළ දකුණු විධානය භාර ආඥාපති රිය අද්මිරාල් කස්සප පෝල් සහ දකුණු නාවික විධානයේ කිමිදුම් නාවිකයන් ඇතුළු සෙසු නිලධාරින් සහ  නාවිකයින් වෙත නාවික හමුදාධිපති තුමාගේ ඇගයිමට ලක්විය.

ඓතිහාසික ගාලු පුරවරයේ සංචාරක ආකර්ෂණ සටහන් ගොන්නට අලුතින් එක්වු මෙම  දිය යට කෞතුකාගාරය ව්‍යාපෘතිය කොරෝනා උවදුරෙන් පසු යළි පිබිදෙන මෙරට සංචාරක කර්මාන්තයට සුවිශාල දායකත්වයක් සපයනු ඇත. තවද මේ ආකාරයේ තවත්   දිය යට  කෞතුකාගාරයන් දෙකක් ත්‍රිකුණාමලයෙහි සහ තංගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට නාවික හමුදාව අපේක්ෂා කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.