Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංක‍්‍රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්‍රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන තිබේ.

මෙම පක්ෂියා මීට පෙර ශ්‍රී ලංකාවේ දී බෝවී ඇතැයි වාර්තා වී ඇත්තේ 1872 දී තිස්සමහාරාමයේ උඩුවිල වැව ආශ්‍රීතවය.

සංක‍්‍රමණික පක්ෂියෙකු වුව ද සිලූටු දෑතුඩුවා මෙරට යම්  ප‍්‍රමාණ්‍යකට ව්‍යාප්ත වී සිටි බවට පක්ෂි විද්‍යාඥ වින්සන්ට් ලෙගී විසින් ලියා ඇති හිස්ට‍්‍රි ඔෆ් ද බර්ඞ්ස් ඔෆ් සිලෝන් ග‍්‍රන්ථයෙහි සදහන් වන බව ද, 1872 දී උඩුවිල වැව ආශ්‍රීතව කූඩු අටක පැටවුන් සිටි බව ද එහි වාර්තා කර ඇතැයි පරිසර වේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය

නමුත් පසුකාලිනව මෙම සත්වයා මෙරටින් තුරන් වූයේ ඇයි දැයි මේ වනවතුරු හෙළි කරගත නොහැකි වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

අනතුරුව දිවයිනේ ස්ථාන කිහිපයකින්ම මෙම පක්ෂියා වාර්තා වූ නමුත් බෝවීමක් වාර්තා නොවූ බවත් මෙසේ යළිත් මෙම පක්ෂියා මෙරට බෝවීම සුවිශේෂී සිද්ධියක් බවත් ගුණවර්ධන මහතා කීයේය.

මේ සිලූටු දෑතුඩුවාගේ මෙරට නේවාසික ගහනයක් ඇතිවීමේ ප‍්‍රවණතාවයක් ද නැතිනම් අහඹු සිද්ධියක් පමණක් ද යන්න කීම අපහසු යැයි ද කෙසේ වෙතත් ජාති වනෝද්‍යාන තුළ මෙම පක්ෂියාට බෝවීමට

අවශ්‍ය ප‍්‍රශස්ත තත්ත්වය පවතින බව පැහැදිලි බවත් හෙතෙම  සදහන් කළේය. 

රම්සා ප‍්‍රඥප්තිය යටතේ මෙරට පළමුවෙන්ම නම් කරන ලද රම්සා තෙත් බිම වන බුන්දලින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරිීම  ද සුවිශේෂී තත්ත්වයක් බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

කෙසේ වෙතත් වසර 148 කට පසු හමුවූ මෙම පක්ෂීයා නැවත වරක් නේවාසික පක්ෂියකු ලෙස සැළකීමට කළබල විය යුතු නැතැයි ද එසේ කරන්නට නම් මෙරට බෝවීම මෙන්ම වසර කීහිපයක් තිස්සේ මෙරට එම පක්ෂී ගහනයක් රැදී සිටීම නිරික්ෂණය කළ යුතු බවත් ඔහු සදහන් කළේය.
 
දැනට මෙම පක්ෂියා හමුවී ඇත්තේ බුන්දල වනෝද්‍යානයේ අතුරු මාවතකින් වන අතර එය ජීප් රථ ගමන් කරන මාර්ගයක් බවත් දැනට වසා ඇති වනෝද්‍යාන විවෘත කිරීමෙන් පසුව වුවද එම මාර්ගය වසා දැමීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත. (ලංකාදීප)
(විනීතා එම් ගමගේ)

(ඡායාරූප සැපයීම - සමන් අබේගුණවර්ධන)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.