Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වියළි කාලගුණයක් ඇති වී තිබෙන නිසා කැලෑ ආසන්නයේ හෝ ආශ්‍රිත ප්‍ර‘දේශවල ගිනිතැබීම් සිදු නොකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කැලෑ ආශ්‍රිතව හා අවට ප්‍ර‘දේශවල ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කරගන්නා ලෙසට ලංකාව පුරාම පිහිටි ග්‍රාමීය ආපදා කමිටු දැනුවත් කළ බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

වියළි කාලගුණයක් පවතින කාලවලදී වන සතුන් දඩයම් කර ගැනීමට සහ ඉඩම් අල්ලාගැනීමට කැලෑ ඉඩම් ගිනි තැබීම සිදු කරන බවත්, ඒ හරහා විශාල විනාශයන් සිදු වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මීට අමතරව කැලෑ ඉඩම් ගිනි තැබීමත් සමග අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන බවත්, ජනතාව ඒ පිළිබඳ තේරුම්ගත යුතු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කැලෑවලට ගිනි තබන හා ඒ ආසන්න ප්‍රදේශවලට ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි කටයුතු සිදු කරන පුද්ගලයන් පිළිබඳ 117 දුරකථන අංකය හරහා තොරතුරු ලබාදිය හැකි බවත්, මෙම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් හෙතෙම කියා සිටියේය.(wmdjbm)

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.