බීජිං නුවර පාසල් වසයි
- 2020-06-17 08:44:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු අද (16) පියවර ගත්හ.
චීනයේ බීජිං අගනුවරින් නව වයිරස ආසාදිත පොකුරු හමුවීමත් සමඟ රට තුළ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ද හටගෙන තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් බීජිං අගනුවර පාසල් වසා දමන්නැයි එම නුවර අධ්‍යාපන කොමිසම නියෝග කළේය.
බීජිං අගනුවර මිලියන 21කට ආසන්න පිරිසක් ජීවත් වෙති.
‘වීචැට්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පාසල් වසා දමන්නැයි නියෝග කළ බීජිං අධ්‍යාපන කොමිසම බදාදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි ද දැනුම් දුන්නේය. විශ්වවිද්‍යාලවලට සිසුන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දමන්නැයි එම කොමිසම උපදෙස් දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments