පළමු වතාවට කාන්තාවකට ජපානයේ අගමැති ධුරය
- 2025-10-22 12:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට 64 හැවිරිදි සනායි තකයිචි සමත්විය.
ජපාන පාර් ලිමේන්තුවේ (21දා) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගගෙන ඇත.
ඇය ඡන්ද විමසීමේ දී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ. ඇය මීට දෙසතියකට පෙර ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනි. හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.
ජපාන විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමග සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය සමත් විය.
1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර් ලිමේන්තුවට ඇය අවස්ථා 10කදී සිය පාර් ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්විය. ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්රකටව සිට ඇත.
මන්දගාමී ජපාන ආර් ථීකය යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තරකරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.
Kim Kyung-Hoon/Pool/Getty Images
Reply To:
Name - Reply Comment
0 Comments