පැන්සලක් කතා කරයි
- 2018-02-09 16:39:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා උපත ලැබුවේ විශාල කර්මාන්ත ශාලාවකයි. මා නිපදවා ඇත්තේ මිනිරන් සහ ලීවලිනි. මා නිල් පාටින් වර්ණ ගන්වා ඇත. කර්මාන්ත ශාලාවෙන් පිටත පැමිණි මම වෙළඳ පොළේ සිටියෙමි. මා මිලදී ගත්තේ කුඩා ළමයෙකි. මා මිලදී ගත් අලුත ඉතා ආදරයෙන් රුකබලා ගැනීමට ඔහු අමතක නොකළේ ය. ගුරැතුමිය ලබාදුන් ප්‍රශ්නවලට පිළිතුරැ ලියන්නට මම ඔහුට උදවු වීමි. ඔහු ප්‍රශංසා ලබන විට මට දැනුණ සතුට නිම්හිම් නැත. යම් යම් ගැටලුවලට පිළිතුරැ දීමට නොහැකි වූ විට ඔහු මගේ හිස තදින් සැපුවේ ය. මගේ තුඩ කැඩුණු විට කටරයට දමා උල් කරන විට මට රිදුණි. මේ කුඩා ළමයා නිසා මා කොටෙක් බවට පත්විය. මා ඒ ගැන පසු තැවෙන්නේ නැත. එය මගේ රාජකාරියයි. මෙතෙක් වේලා ඔබ සමග කතා කළ මම දිරා ගිය පැන්සල් කොටයකි.
සුලෝචනා කස්තුරි
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments