Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සරුංගලයද, කැටපෝලය ද පිට රටින් ගෙන්වන රටක සුදු සැරයටිය අප රටේම දෘශ්‍යාබා‍ධිතයන් විසින් තැනීම අපූරු සිද්ධියකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ බ්‍රේල් මුද්‍රණාලයේ සේවය කොට විශ්‍රාම ගිය බිසෝ මැණිකේ මාරසිංහ මහත්මිය සුදු සැරයටි තනන්නේ තමන්ගේ නිවසේමය. ඇය ද දෘශ්‍යාබාධිත කාන්තාවකි. සුදු සැරයටි තැනීම ආරම්භ කරන ලද්දේ ඇයගේ සැමියා විසිනි. ඔහු ද දෘශ්‍යාබාධිතය. අද ඔහු මිය ගොසිනි.

එහෙත් බිසෝමැණිකේ මහත්මිය තවමත් සිය නිවසේ සුදු සැරයටි තනයි. අද ඇයට උදවු කරන්නේ ඇයගේ දෙනෙත් පෙනෙන තරැණ දියණිය හා ඇයගේ සැමියාය. අවුරැදු විස්සක් පුරා ඇය ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන්ට සුදු සැරයටි තනන්නේ දෑස් පෙනෙන්නන්ට මානව ශක්තිය පිළිබඳ අලුත් කතාන්දරයක් කියා දෙමිනි.

සුදු සැරයටියක් තැනීමේ නිෂ්පාදන කාර්යට පියවර දහතුනක් පමණ ඇතුළත්ය. ඒ සියල්ල නිසි පිළිවෙළට නිම කිරීමෙන් අවසානයේ නමා ඇකිළිය හැකි සුදු සැරයටියක් නිර්මාණය කර ගත හැකිය. සාමාන්‍යයෙන් අඟල් 45, 48, 50 වැනි දිගින් සුදු සැරයටි සාදනු ලැබේ. ඒවා කෑලි 4, 5, 6 ආදී වශයෙන් නැවිය හැකි සේ නිෂ්පාදනය කරනු ලැබේ. 

  • පළමු පියවර: -
     අඟල් භාගේ ඇලුමීනියම් බට  අඟල් 10 පමණ කැබලිවලට කපා ගැනීම.
  • දෙවැනි පියවර
  • එක් කැබැල්ලක් අනෙක් කැබැල්ලට බැස්සිය හැකි වන සේ කට්ටය කපා ගැනීම. මෙය ලේත් මැෂින් එකක් මගින් කරනු ලබන්නේ දෑස් පෙනෙන කෙනෙකි.
  • තෙවැනි පියවර: -
  • එක් කැබැල්ලක සිදුරක් විදීම: සුදු සැරයටිය ඇකිළීමට හා එල්ලා ගෙන යෑමට අවශ්‍ය මාලය දැමීම සඳහා මෙම සිදුර යොදා ගැනේ. මෙම සිදුර විදුලි විදිනයකින් විදින්නේ දෑස් නොපෙනෙන කෙනෙකි. සෑම කෑල්ලකම එක සමාන දුරකින් හා නිවැරදිව සිදුර විදීමත්, අනතුරක් නැතිව එම කාර්යය නිම කිරීමත් සිදු කරනුයේ පුරැද්දට අනුවය.
  • හතරවැනි පියවර:

     

     

     

     

    කට්ටය කැපූ කැබලිවල දෙපැත්ත සුමට කිරීම. මෙය විදුලියෙන් කරකැවෙන මට්ටම් ගලක ඇලුමීනියම් කැබැල්ල සියුම් ලෙස ඇල්ලීමෙන් කරනු ලබන්නකි. මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි.
  • පස්වැනි පියවර: -
  • කැබැල්ලෙන් කැබැල්ල ඇතුළට බැස්සීම සඳහා සුමට කිරීම: මෙය කරනුයේ විදුලියෙන් කරකැවෙන ලෝහ උලක බටය තෙරපීමෙනි.  මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි.
  • හයවැනි පියවර: -
  • භූමිතෙල් හා ජලය යොදා ගෙන ඇලුමීනියම් කැබලි සේදීම හා පිරිසුදු කිරීම: මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි.
  • හත්වැනි පියවර: -
  • ඉලාස්ටික් කපා ගැනීම: සුදු සැරයටියේ බට ඇතුළට දැමීම සඳහා ඉලාස්ටික් පටියක් යොදනු ලැබේ. අප දුටු අවස්ථාවේ මෙම කාර්යය කරන ලද්දේ දෑස් පෙනෙන කෙනෙකි.
  •  අටවැනි පියවර: -
  • බට එකිනෙක සවි කිරීම: මෙය කරනු  ලබන්නේ එක් එක් බට කැබැල්ල එකින් එක ගොනු කිරීමෙනි. එය දෑස් නොපෙනෙන අයෙකු කරනු ලබයි.
  • නවවැනි පියවර:-
  • ඉලාස්ටික් යෙදීම: එක් එක් ඇලුමීනියම් කැබැල්ල ඇතුළට යන සේ සම්පූර්ණ දිගට ඉලාස්ටික් පටිය යොදා ගැට ගැසිය යුතුය. මෙය කරනු ලබන්නේ දෑස් නොපෙනෙන විශ්‍රාම ලත් ගුරැවරයෙකි.
  • දසවැනි පියවර: 
  • මාලය යෙදීම: සුදු සැරයටියේ එක් කෙළවරක කොටසේ මාලය සවි කරනු ලැබේ. මෙය කරනුයේ දෑස් පෙනෙන කෙනෙකු විසිනි.
  • එකළොස්වැනි පියවර: 

     

     

     

     

    ලුමිනස් ස්ටිකර් ඇලවීම: සුදු සැරයටියේ පහළ කෙළවරේ රතු පැහැති ස්ටිකරයක්ද, අනෙක් කොටස්වල සුදු පැහැති ස්ටිකරයක්ද අලවනු ලැබේ. මේවා ලුමිනස් වර්ණයෙන් ඇති නිසා රාත්‍රි කාලයේදී ආලෝකයට සංවේදී වේ. එක් එක් කැබැල්ලේ ස්ටිකරය ඇලවීම පරිස්සමින් කළ යුතුය. ඒ නිසා එය කරනුයේ දෑස් පෙනෙන කෙනෙකි.
  • දොළස්වැනි පියවර: 

     

     

     

     

    සැරයටියේ දෙකෙළවරට ප්ලාස්ටික් කොටසක් සවි කිරීම: මෙය සවි කරනු ලබන්නේද දෑස් නොපෙනෙන කෙනෙකි.
  • දහතුන්වැනි පියවර: 

     

     

     

     

    සුදු සැරයටිය ඇසුරැම් කිරීම: සාදා නිම කරන ලද සුදු සැරයටිය අකුළා ප්ලාස්ටික් ඇසුරැමක අසුරා එය සීල් කරනු ලැබේ. මෙම කාර්යය කරනුයේ දෑස් පෙනෙන කෙනෙකි.

සුදු සැරයටිය තැනීමේ කතාන්දරය දෑස් පෙනෙන අය තුළ මහත් සංවේදී බවක් ඇති කරයි.

  • මෙම ලිපියේ වැඩි දුර තොරතුරු විජය පුවත්පතේ 2018 ඔක්තෝබර් මස 16 වැනිදා පුවත්පතේ පල කෙරේ.

කඩවත, ඉඹුල්ගොඩ, අමුණුගොඩ, 43/1 හි බිසෝමැණිකේ මාරසිංහ මහත්මියට විජය ස්තුතිය. ඔබ දන්නා කෙනෙකුට සුදු සැරයටියක් පරිත්‍යාග කරන්නට කැමති නම් 071 6163161 දුරකථනයෙන් බිසෝමැණිකේ මහත්මිය අමතන්න.

දෑස් නොපෙනෙ අය සඳහා ඔබට විජය බ්‍රේල් පුවත්පත හරහා ද උදව් කළ හැකිය. බ්‍රේල් පුවත්පත අන්ද ජන ප්‍රජාව වෙත නොමිලයේ විජය පුවත්පත් සමාගම විසින් නිකුත් කරනු ලබන පුවත්පතකි. ඒ හරහා ඔබට යම් උපකාරය කර ඔවුන්ගේ දැනුමට අත්වැලක් වන්නට ඔබට හැකිය. ඒ සඳහා ඔබට
indikas@wijeya.lk වෙත ලිපියක් යොමු කරන්න. 

 
 

 

 

 

 

 

 

 

 

  • බන්දුල පී. දයාරත්න
  • ඡායාරෑප: රුෂිරු තරංග

විශ්‍රාමික ගුරු සිරිල් ඒකනායක මහතා සහ බිසෝ මැණිකේ මාරසිංහ මහත්මිය

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.