Top
+94 77 372 7288

බිබිල යශෝධරාවේ බාල දක්ෂිකාවෝ පදක්කම් පලඳිති

2025 දෙසැම්බර් මස 13 ප.ව. 11:20 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවය පසුගියදා විද්‍යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

බාලදක්ෂිකාවන් 30 දෙනෙකුට පදක්කම් පැලඳවීමේ මෙම උත්සවය විදුහල්පති එස්.එම් හිමාලී සමන් කුමාරී මහත්මිය විසින් සංවිධානය කර තිබිණි.

පළාත් බාලදක්ෂිකා කොමසාරිස් බී.ඒ.ඩී.ජේ ජයවර්ධන,මොනරාගල කලාප බාලදක්ෂිකා කොමසාරිස් ආර්.ආර් ශ්‍යාමලී ජයවර්ධන,බිබිල, වෙල්ලස්ස ජාතික පාසලේ විදුහල්පති ඒ.එච්. ටිකිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් අතින් පදක්කම් පැලඳවීම සිදු කෙරිණි.

මොනරාගල කේෂර ගුණතිලක

Most Populer