දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ අතර, හදිසි ආපදා තත්ත්වය නිසා දරුවන් 275000ක් පමණ පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කළාය.