Top
+94 77 372 7288

කන්දිර පෙරේරාගේ සුභාවිත ගී ප්‍රසංගය

2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:01 Views - {{hitsCtrl.values.hits}} comment - 0    


ළමා ගායන ශිල්පී කන්දිර පෙරේරාගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය සුභාවිත ගී සර පසුගියදා වැලිගම නගර ශාලාවේදී අති උකර්ෂවත් අන්දමින් පැවැත්විණි .. ප්‍රවීණ ගායන ශිල්පීන් වන. එඩ්වඩ් ජයකොඩි,සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, සුනිල් ශාන්ත, අමරදේව, දිවුල්ගනේ, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, හර්ෂණ දිසානායක ආදීන්ගේ ගීත විස්සක් මෙහිදී ගායනා කරන ලදී..

මෙම අවස්ථාවට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති පුබුදු සම්පත් මහතා , ප්‍රවීණ රංගන ශිල්පී සමන් කුමාර ගමගේ මහතා සහ විජයාරාම විහාරාධිපති තල්ලඅරඹේ ඉන්දරතන හිමියන් ප්‍රමුඛ සංගීත ලෝලීන් හා  ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සහ වැලිගම සිරිවිජය දහම් පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි කන්දිර පෙරේරා සිසුවාගේ ගායන කෞශල්‍යය මෙම ප්‍රසංගය තුළින් මනාව ප්‍රකට කළ අතර ඔහුගේ අනාගත ගායන දිවිය සාර්ථක වේවායි සුබ පතමු!

Most Populer