Top
+94 77 372 7288

ජාත්‍යන්තර රෑපවාහිනී දිනය සමරා පාසල් මාධ්‍ය ඒකකවලට කැමරා උපකරණ

2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:17 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

විජය පුවත් පත් සමාගමෙනුත් දරැවන්ට ත්‍යාග

ජාත්‍යන්තර රෑපවාහිනි දිනය නිමිත්තෙන් ප්‍රථම වතාවට මහරගම තරැණසේවා සභාවේ, නිස්කෝ වීඩියෝ පදනමෙන් රෑපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබාදීමත් විශේෂයෙන් තෝරා ගත් පාසල් සඳහා මාධ්‍ය උපකරණ පිරිනැමීමත් සිදුකෙරිණි.  මාධ්‍ය කුසලතාව වර්ධනය කර දරැවන් මාධ්‍ය ක්ෂේත්‍ර සඳහා නැඹුරැ කර ගැනීම කරගනිමින් ජාත්‍යන්තර රෑපවාහිනී දිනයට සමගාමීව මෙහිදී සිදුවිය. මහියංගන අධ්‍යාපන කොට්ඨාසයේ, වේවත්ත මහා විද්‍යාලය සඳහා අවශ්‍ය කැමරා සහ අනෙකුත් උපකරණ අඩංගු වීඩියෝ කැමරා කට්ටලයක් ලබා දීම හා රෑපවාහිනී මාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මෙහිදී විජය පුවත් පත් සමාගමේ දායකත්වයෙන් දරැවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් “ විජය” ළමා පුවත්පත බෙදා දිම ද සිදු කෙරිණි.

වේවත්ත මහා විද්‍යාලයේ දරැවන් විසින් ජංගම දුරකථනවලින් ලබාගත් ඡායාරෑප ප්‍රදර්ශනයක් ඊයේ දින විවෘත කරනු ලැබූ අතර එහි ජයග්‍රහණ වෙනුවෙන් තිළිණ ප්‍රදානයක්ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා නිස්කෝ විඩියෝ පදනමේ සභාපති මේනක සංජීව මහතා හා නිස්කෝ විඩියෝ පාඨමාලාව හදාරණ දරැ දැරියන් පිරිසක්, විජය පුවත්පත් සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී ශාන් බන්දු වීරසිංහ මහතා විද්‍යාලයේ විදුහල්පති ටී. එම්. ධර්මරත්න මහතා මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මහියංගණ - රංජිත් කරැණාවීර    

Most Populer