Top
+94 77 372 7288

පාසල් ක්‍රිකට් තරගාවලි 11ක් දින නියමයක් නැතිව කල්යයි

2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:00 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන තරගාවලි සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට සංගමය තීරණය කර ඇත.

 

මේ අනුව වයස් කාණ්ඩ 2ක, බාලක සහ බාලිකා තරගාවලි 11ක් නැවත දැනුම් දෙනතුරු නවතා දමා තිබේ. වයස අවුරුදු 13න් පහල බාලක, පළමු සහ දෙවැනි කාණ්ඩවල අවසන් 16 දෙනාගේ වටයේ තරග සහ තෙවැනි කාණ්ඩයේ පළමු වටයේ තරග ඇතුළත් තරගාවලි 3ක් මෙලෙස කල් දැමීමට තීරණය කර තිබේ.

 

මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහල බාලක පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල 'ඒ' සහ 'බී' කොටසේ දෙදින සහ සීමිත පන්දුවාර තරගාවලි 6ක් හා මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහල බාලිකා පළමු සහ දෙවැනි කාණ්ඩවල සීමිත පන්දුවාර තරගාවලි 2ක් මෙලෙස කල් දමා ඇත.

Most Populer