Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බිහිසුණු ඩයිනසෝරයන් යැයි කී සැණින් අපේ මතකයට නැගෙන්නේ ටයිරැනසෝරස් රෙක්ස් Tyrannosaurus හෙවත් ටී රෙක්ස්ය. ටී රෙක්ස් බිහිසුණු ඩයිනසෝරයෙකි. ටී රෙක්ස් සේම බිහිසුණු ඩයිනසෝරයකු ලෙස සැලකිය හැකි තවත් දැවැන්තයකු වන්නේ ස්පයිනෝසෝරස් Spinosaurus ය. මේ දිනවල ලොව පුරා මෙන්ම අපේ රටේ ද තිරගත වන ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ දකින්න ලැබෙන ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයකු වන්නේ නදී රකුසකු ලෙස ද සැලකෙන ස්පයිනෝසෝරස්ය. ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ, ස්පයිනසෝරස් රංචුවක් දකින්න ලැබෙන අතර, උන් දඩයම් කරන්නේ මුහුදේ කිමිදෙමිනි.

නදී රකුසා

ස්පයිනෝසෝරස් ජීවත් වූයේ, ක්‍රිටෙයිසීය යුගය අවසානයේ එනම්, වසර මිලියන 112 ත් 97 ත් අතර කාලයේ යැයි පොසිල විද්‍යාඥයෝ පවසති. විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වූ ස්පයිනෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ උතුරු අප්‍රිකාවෙනි. අතීතයේ ස්පයිනෝසෝරස් ජීවත් වූයේ වගුරු ආශ්‍රිතවය.  

විශේෂ දෙකක්

පොසිල විද්‍යාඥයන් ස්පයිනෝසෝරස් විශේෂ දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒ, ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් Spinosaurus aegyptiacus සහ ස්පයිනෝසෝරස් මැරොක්කානුස් Spinosaurus maroccanus යනුවෙනි. ස්පයිනෝසෝරස් යන වදනෙහි අරුත කටුස්සා යන්නය.

රුවලක් ඇති සතා

පොසිලි විද්‍යාඥයන්ට ස්පයිනෝසෝරස් පොසිල අස්ථි කොටස් විටින් විට හමුවෙද්දී, ඔවුන්ට ප්‍රහේලිකාවක් වූයේ කශේරුකාවේ ඇති කටු වැනි අස්ථිය. මෙතෙක් විද්‍යාඥයන්ට සියයට 100 ක් සම්පූර්ණ ස්පයිනෝසෝරස් අස්ථි හමුවී නැත. එබැවින්, ස්පයිනෝසෝරස් මොන වගේදැයි හඳුනා ගැනීමට වසර ගණනක් ගත වී ඇත. කශේරුකාවේ ඇති අඩි 7 (මීටර් 2.1) ක් තරම් කටු වැනි අස්ථි අනුව, ස්පයිනෝසෝරස්ගේ පිටේ රුවලක් තිබුණු බව විද්‍යාඥයන් දැන් තහවුරු කරගෙන ඇත. කිඹුලකුගේ වැනි මුහුණක්, වල්ගයක් සහ රුවලක් ඇති බැවින් සත්වයකු බැවින් ස්පයිනෝසෝරස්, අනෙක් ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයෙක් ලෙස සැලකෙයි.

පිහිනීමට දක්ෂයෙක්

පසුගිය වසරවලදී සොයා ගත් පොසිල සාක්ෂිවලින් තහවුරු වී ඇත්තේ, ස්පයිනෝසෝරස් පිහිනීමට හැකි පළමු ඩයිනෝසෝරයා බවය. බොහෝ විට ස්පයිනෝසෝරස් උගේ ජීවිතයේ වැඩි කාලයක් ජලයේ ගත කළ බව ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ජුරාසික් පාර්ක් 3 චිත්‍රපටයේ ද නපුරු ඩයිනසෝරයා ලෙස ස්පයිනසෝරස් ඩයිනසෝරයකු දකින්න ලැබුණත්, නවතම ජුරාසික් පාර්ක් රී බර්ත් චිත්‍රපටයේ සාගරයේ දඩයම් කරන ස්පයිනෝසෝරස් ඩයිනසෝරයන් එක් කර ඇත්තේ උන් සාගරයේ දඩයමට දක්ෂයන් බවත්, කණ්ඩායම් ලෙස දඩයම් කළ ඩයිනසෝර විශේෂයක් බවත් පෙන්වා දෙමිනි.

පැහැදිලි කිරීමක්

“ස්පයිනෝසෝරස්ට පසුපස පාද ශක්තිමත්. ඒත් ඒවා පිහිනීමට සුදුසු අයුරින් නිර්මාණය වී තිබෙන්න ඇතැයි විශ්වාස කරනවා. හමුවුණු පොසිල අස්ථි ඝන සහ සංයුක්ත අස්ථි. ඒවා ජලයේ පිහිනන පෙන්ගුවීන් සතුන්ගේ අස්ථිවලට සමානයි. දත් උල් සහ තියුණුය. කිඹුලකුගේ මෙනි. මාළු අල්ලා ගැනීමට ඒවා යොදා ගන්න ඇත. ලැබී ඇති සියලුම සාක්ෂිවලින් පැහැදිලි වන්නේ ස්පයිනෝසෝරස් ගොඩබිමට වඩා ජලජ ජීවිතයට හොඳින් අනුගත වූ සතකු බවයි.” යැයි චිකාගෝ විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යඥ නිසාර් ඊබ්‍රාහිම්, ස්පයිනෝසෝරස් ගැන මෙසේ පැහැදිලි කරයි.

මුල්ම අස්ථි

මුල්ම ස්පයිනෝසෝරස් පොසිල අස්ථි කොටස් සොයා ගනු ලැබුවේ, 1912 වසරේ දී රිචඩ් මාක්ග්‍රාෆ් විසිනි. ඒ, බටහිර ඊජිප්තුවේ බහාරියා කැණීම් භූමියෙනි. අර්නස්ට් ස්ට්‍රෝමර්, 1915 වසරේ දී විස්තර කර නම් කරන ලද මුල්ම අස්ථි කොටස්, ජර්මනියේ මියුනිච් නගරයට ගෙන ගොස් තිබුණි. අවාසනාවකට දෙවන ලෝක යුද්ධ සමයේදී මියුනිච් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් විනාශ වූ බව පැවැසෙයි. 2011 වසරේ දී, ඕස්ට්‍රේලියාවෙන්, කිඹුලකුගේ මුඛයට සමාන මුඛයක් සහිත, ස්පයිනෝසෝරයකුට අයත් යැයි විශ්වාස කෙරෙන පොසිල අස්ථි කොටස් හමුවිය. ස්පයිනෝසෝර් විශේෂ, ඈත අතීතයේ ලෝකය පුරා වාසය කරන්න ඇතැයි යන්නට එය සාක්ෂියක් විය.

සහරාවේ රකුසා

ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් සහ ස්පයිනෝසෝරස් මැරොක්කානුස් යනුවෙන් නම් කළ ස්පයිනෝසෝරස් විශේෂ අතරින් වඩාත් ප්‍රකට ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් ය. ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් ගංගාවල කිමිදෙමින්, මසුන් අල්ලා ගත් බව පැවැසෙයි. හොඳින් වැඩුණු ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් ඩයිනසෝරයකු දිගින් අඩි 50ක් හා බරින් ටොන් 20 ක් යැයි පැවැසෙයි. හොම්බේ සිට වලිගය තෙක් දිග අඩි 35 කි. ස්පයිනෝසෝරස් ජලාශ්‍රිතව වාසය කළ ඩයිනොසෝරයකු යැයි පොසිල විද්‍යාඥයන් තහවුරු කර ගනු ලැබුවේ ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් ආධාරයෙනි. ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් පොසිල අස්ථි හමුවී ඇත්තේ‍‍, සහරා කාන්තාරයේ ශුෂ්ක වනගත ප්‍රදේශයකිනි. අවුරුදු මිලියන 100 කට ‍පමණ පෙර අතීතයේ, මෙම ප්‍රදේශය, සරුසාර ක්ෂේම භූමිවලින් පිරුණු, තැනින් තැන විසිරුණු ගංගා ඇළදොළවලින් යුත් විවිධ ජීවීන්ගෙන් පිරී වී තිබුණු බව පැවැසෙයි. එම වගුරුවල සැරිසරමින්, ආහාර සොයමින් පිහිනා ගියේ සමස්ත ආහාර දාමයේම ඉහළින් වැජඹුණු දරුණු ජලජ ඩයිනොසෝරයා ස්පයිනෝසෝරස්ය.

ලුසිත ජයමාන්න

ලයිව් සයන්ස් ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.