Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අටවන ICF කැරම් තරගාවලිය දෙසැම්බර් 02 වෙනිදා සිට 06 වෙනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන තරගකරුවන් පසුගිය දා (29දා) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර එහි දී අමාත්‍යවරයා එම නියෝජිත පිරිසට සිය සුබපැතුම් පළ කළේය.

මෙවර තරගාවලිය සඳහා රටවල් 18 ක් සහභාගී වන අතර, තරගකරුවන් කේවල, කණ්ඩායම්, යුගල, ස්විස්ලීග් ලෙස ඉසව් 4 ක් යටතේ තරග වැදීමට නියමිතය. තරගාවලිය නියෝජනය කරන පිරිමි කණ්ඩායම් අංශය මේ වනවිට ලෝක ශූරතාව දිනාගෙන ලොව අංක එකේ කණ්ඩායම ලෙස මෙම තරගාවලියට සහභාගී වන අතර, කාන්තා කණ්ඩායම ලෝක කැරම් ශූරතාවලියේ අනු ශූරතාව දිනාගෙන ඇත.

මෙම තරගාවලියේදී වඩාත් හොඳ දක්ෂතා අතරට පැමිණ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ රැඳී සිටීම මෙවර මෙම කණ්ඩායම් දෙකේම අපේක්ෂාවයි.

මේ වසරේ පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයා දරන අතර, කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝෂප් රොෂිටා ක්‍රීඩිකාවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.