අද කාලගුණ වාර්තාව
- 2016-11-08 13:35:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසිඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනට ඊසාන දෙසින් කි.මී. 1200 ක් පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේපවතින පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් ඇති අතර මෙමගින් දිවයිනට සෘඡු බලපෑමක් නොමැත.කෙසේ වුවද තවදුරටත් අහස වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. නොවැම්බර් 07 වන දින දක්වා සමහර ස්ථානවලට (විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට) තද වැසි, (100mm පමණ) බලාපොරොත්තු විය හැක.
දකුණු, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ශ්‍රී ලංකාවේ කෘෂි කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන ජාලය 1973 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කරන ලදී.එහි ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භයේදී ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය,රබර් පර්යේෂණායතනය,වී පර්යේෂණායතනය හා තේ පර්යේෂණායතනය වැනි ආයතන යටතේ බොහෝ කෘෂි කාලගුණ ව්ද්‍යා මධ්‍යස්ථාන පිහිටුවන ලදී.
සෑම මධ්‍යස්ථානයකින්ම අඛණ්ඩව දත්ත කෘෂි කාලගුණ අංශය වෙත මාසිකව ලැබෙන අතර එම දත්ත නිරවද්‍යතා පරීක්ෂණයකට ලක් කෙරේ.මෙයට අමතරව අධ්‍යයන පර්යේෂණ කටයුතු හා අදාළ ව්‍යාපෘති සඳහා දත්ත නිකුත් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments