අද සිට කොළඹ මගි ප්‍රවාහනයට එක්වන බෝට්ටු
- 2019-08-22 09:21:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී ක්‍රියාත්මක කෙරිණි.
වායුසමනය කර ඇති මෙම මගී බෝට්ටුවේ මගීන් පනස් දෙනෙකුට ගමන් කළ හැකි අතර ඉදිරියේදී බෝට්ටු කිහිපයක් යෙදවීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නිපදවන ලද මෙම බෝට්ටු ක්‍රියාත්මක කරන්නේ ද නාවික හමුදා සාමාජිකයන් විසිනි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙය සංවිධානය කර තිබු අතර අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, සාගල රත්නායක ඇතුළු ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments