අද සිට හිරු මුදුන් වෙයි
- 2019-04-05 12:56:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අද (5) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී මෙලෙස ශ්‍රී ලංකාව ආශ‍්‍රිත අක්ෂාංශවලට ඉහළින් පවතින අතර මෙම මස 15 වැනිදා දක්වා මෙලෙස ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. මෙහි පළමු දිනය වන අද (5) දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප‍්‍රදේශයන්ට හිරු මුදුන්ව පවතින බව ඔහු සඳහන් කළේය. වසරකට දෙවරක් ශ්‍රී ලංකාවට හිරු මුදුන්වන අතර සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු, සැප්තැම්බර් මාස වල ශ්‍රී ලංකාවට මුදුන් වේ. එවිට හිරු මුදුන්වීම ඇරඹෙන්නේ උතුරු පළාතෙනි.
Reply To:
Name - Reply Comment
0 Comments