Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් අද
(10දා) හා හෙට(11දා) දිනවලදී ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්  පැවැත්වීමට කටයුතු සලසා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර පළාත,යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 40ක ජනාධිපති කාර්යාල සාධක බළකාය සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද එම ඒකකය සඳහන් කරයි.

ඩෙංගු මර්දන විශේෂ  ක්ෂේත්‍ර වැඩසටහන යටතේ නිවාස, පාසල්, වැඩබිම්, ආයතන,කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු සමස්ත පරිශ්‍ර නිරීක්ෂණයට ලක්කරන බවත්,ප්‍රජාවේසහභාගිත්වයෙන්මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 590ක් එක් දිනකට දායකත්වය ලබාදෙන බවද එම ඒකකය පවසයි.

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගින් වාර්තා වීමේ කාලීන ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්,ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇතිවිය හැකි ඩෙංගු අවදානම් තත්ත්වය වළක්වාගැනීම සඳහා බලධාරීන් හා ප්‍රජාවේ සක්‍රිය දායකත්වය ඉතා වැදගත් බවත් එම ඒකකය සඳහන් කරයි.

අවශ්‍ය තාක්ෂණික කරුණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත්,අවම වශයෙන් සතියකට විනාඩි 30ක් තම වටපිටාව ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඉවත් කළ යුතු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.