Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනිද්දා සිට (26)  දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර  අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට  ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ  සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව වේ. එම නිසා මෙම මස 26 දින සිට  කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කිරීමට ලංගම හා ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන ඇත.

අද දින (24) පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිසමේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී තීරණ කිහිපයක් ගනු ලැබීය.

මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා  ධාවනය නොකෙරේ.

නුවර පාරේ  පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි.

කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරේ.

ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි.

අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය.

අනුරාධපුර - පුත්තලම  හා  කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි.

බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00 වේ.

මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණි. එම බස් රථ වල ගමනාන්තය ලෙස   පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතුය. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතුය.

එමෙන්ම බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාල සීමාව ජූනි 30 දක්වා ජාතික ගමනාගමන කොමිසම විසින් දීර්ඝ කරනු ලැබ තිබේ. 

ලංගම බස් රථ ද මීට සමගාමීව සේවාවන් පවත්වාගෙන යන අතර, මින් පෙර ක්‍රියාත්මක කළ ආකාරයටම බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

කෙසේ වුවද මෙම තත්ත්වයන් සෞඛ්‍ය අංශ විසින් රජයට ලබා දෙන ලද උපදෙස් අනුව ගන්නා ලද තීරණ වන අතර ඇඳිරි නීතිය ලිහිල් වීම අනුව හා ඊට සමගාමීව රජය විසින් දෙනු ලබන නියෝග අනුව පොදු ප්‍රවාහන  සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.