Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ශ‍්‍රී ලාංකීය කලා කෙතට පෑයූ තාරකාවියන් රැසකි. අමිතා වැදිසිංහ, චරිතා පි‍්‍රයදර්ශනී පීරිස්, දීපිකා ප‍්‍රියදර්ශනී, ශෂිකා නිසංසලා යන ගායිකාවන් මේ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් කලාවේ දිදුළන තරු බවට පත්කරන්නට අනුලා විදුහල් මාතාව ලබා දුන් ශක්තිය අති මහත්ය.දක්ෂතා රැුසකින් පිරිපුන් තවත් කලාකාරිනියන් අනාගතයටත් බිහි කිරීමට අනුලා මාතාව ‘‘අනුලසර ප‍්‍රසංගය’’ වාර්ෂිකව පවත්වන්නීය. ප‍්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු විද්‍යාලයීය විදුහල්පතිනී පී. එන්. රාජපක්ෂ මහත්මිය අප සමග මෙසේ විස්තර කළාය.
විද්‍යායීය සිසුවියන්ගේ කලා කුසලතා ඔප්නැංවීම මූලික කර ගනිමින් වර්ෂ 2010 දී ‘‘රිදම් ඔෆ් අනුලා’’ නමින් කලා ප‍්‍රසංගයක් පැවැත් වුණා. 2011 වසරේ සිට ‘‘අනුලසර’’ නමින් මෙම ප‍්‍රසංගය වාර්ෂිකව පවත්වනවා. සැප්තැම්බර් මස 28 වැනි දිනට යෙදී තිබෙන්නේ ප‍්‍රසංගයේ හත් වැනි අදියරයි. මෙය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
විවිධ කලා හැකියාවන්ගෙන් යුත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සිසුවියන් 300 කට ආසන්න පිරිසක් මෙම ප‍්‍රසංගය සඳහා සහභාගි වෙනවා. විද්වත් මණ්ඩලක අධීක්ෂණය යටතේ සිසුවියන්ගේ හැකියාවන් තෝරා බේරා ගැනීමට අපට පුලූවන් වුණා.පී. ජී. ධර්මසිරි මහතා ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පාසලේ සංගීත, නැටුම්,නාට්‍ය ඇතු`ඵ සෞන්දර්යය විෂයන් භාර ගුරුභවතුන් පුහුණුවීම් සිදු කළා.
ප‍්‍රධාන වශයෙන් ඔකෙස්ට‍්‍රා බෑන්ඞ් කණ්ඩායමේ දක්ෂතා දැක බලා ගන්නට අවස්ථාව හිමි වෙනවා. ගිටාර්, ඩ‍්‍රම්ස්, වයලීන්, කොන්ගෝ, බටනලා, බොංගෝ, මෘදංගය, තවිල් බෙරය, ගැට බෙරය, තම්මැට්ටම, පියානෝව, චෙලෝ, චෙම්බේ, යන වාද්‍ය භාණ්ඩ රැුසක් මෙහිදී වාදනය කෙරෙනවා. ප‍්‍රසංගයෙහි ගායනා 20 ඇතුළත් වෙනවා. සිංහල, ඉංග‍්‍රීසි, දමිළ, හින්දි, ප‍්‍රංශ යන භාෂාවලින් ගී ගයනවා. නර්තන ගී පහකුත්, නාට්‍ය ගී දෙකකුත් ඇතුළත්. සහෝදර පාසල් කිහිපයක සිසුන්ගේ සහයෙන් යුග ගායනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැප්තැම්බර් මස 28 වැනිදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී (BMICH)ප.ව 3.00 ට හා ප.ව.6.30 ට දර්ශන වාර දෙකක් යටතේ ප‍්‍රසංගය පැවැත්වීමට නියමිතයි. 
මගේ අධීක්ෂණය යටතේ විද්‍යාලයීය සහකාර විදුහල්පතිනී මාධවී දිසානායක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා. විද්‍යාලයීය සංගීත අංශයේ ඉදිරිපත් කිරීමක් වන මෙම ප‍්‍රසංගය සඳහා සමස්ත ගුරු මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය ඉතා අගය කොට සැලකිය යුතුයි. ප‍්‍රසංගය සාර්ථක කර ගැනීමට පාසලේ සමස්ත සිසුවියන් හා මවුපියන්ගේ ලැබුණු සහයෝගයත් ඉතා වැදගත්. පාසලේ ආදි සිසුවියන් සහ පාසල් සංවර්ධන සමිතියේ දිරි ගැන්වීමත් සහයෝගයත් මෙහිදි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
සටහන – ශිරෝන් ස්වර්ණසිරි
ඡායාරූප – සේහාන් වික‍්‍රමසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.