අපේල් 15 රජයේ නිවාඩු දිනයක් වෙයි
- 2019-04-03 10:28:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
සූර්ය වන්දනාව මූළික කරගනිමින් සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර හා සිරිත් විරිත් රැසකින් සමන්විත වෙයි. රටවැසි සියලු ජනතාව තම නිවෙස් පවා පිරිසිදු කරමින් සියල්ල අලුත් කරමින් සමරනු ලබන මෙම අවරූදු මංගල්‍යයේ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද යන වැදගත්ම දින දෙක සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී තිබීම හේතුවෙන් රැකියාවන්හි නිරතවූ ජනතාවට තම ඥාති හිතමිතුරන් සමග අවුරුදු සැමරීමට ඇති කාලය සීමා සහිත වෙයි. මේ ගැන සළකා බලා රජය විසින් අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට අලුත් අවුරුදු උත්සවය වඩාත් සාමකාමීව හා ප්‍රීතිමත්ව සැමරීමටත් තම ඥාති හිතමිත්‍රාදීන් සමග අලුත් අවුරුදු සමරා විවේකීව රාජකාරී රැකියා සඳහා පිවිසීමටත් හැකිවන පරිදි ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්වදේශ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස මා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙලෙස නිවාඩු දිනය ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව අප්‍රේල් 15 වැනි දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments