අමතර පන්ති එන්නැයි සිසුන්ට බලපෑම්
- 2018-05-30 01:20:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමන් විසින් පවත්වන උපකාරක පන්තිවලට පැමිණෙන්නැයි බල කරමින් සිසුන්ට සහ මවුපියන්ට විවිධ බලපෑම් සිදු කරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයට දිවයිනේ විවිධ පළාත්වලින් මේ වන විට පැමිණිලි ලැබී තිබේ.
ඇතැම් ගුරුවරුන් විසින් පවත්වනු ලබන උපකාරක පන්තිවලට සහභාගී නොවන සිසු දරුවන්ට එම ගුරුවරුන් විසින් පාසලේ දී නොයෙක් ආකාරයේ හිරිහැර සිදුකරන බවට නිලධාරීන්ගෙන් සහ මවුපියන්ගෙන් පැමිණිලි ලැබී ඇති නිසා ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය විනය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා පැවති අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාදීමට මවුපියන්ට අවස්ථාව සලසා දී තිබෙන අතර ඕනෑම අවස්ථාවක පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
ලැබී ඇති පැමිණිලි අතර ඇඹිලිපිටිය, හොරණ, කලුතර, හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර, කිලිනොච්චි යන කලාප වල පළාත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් 25 දෙනෙකු සහ ජාතික පාසල්වල සේවයේ නියුතු ගුරුවරු 6 දෙනෙකු ද සිටී.
පැමිණිලි ලැබී ඇති සිදුවීම් සම්බන්ධව හා ඉදිරියේ දී ලැබෙන පැමිණිලි සම්බන්ධව ද වහාම පරීක්ෂා කර බලා එවැනි කටයුතුවල නිරත බවට හඳුනාගන්නා ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments