‘අම්ෆන්’ නිසා අතරමංවූ ධීවර යාත්‍රා වල සහායට සමුදුර යයි
- 2020-05-21 12:49:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (21දා) කටයුතු කරන ලදි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 30කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ඉන්දුනිසියාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, සුලි කුණාටුවේ බලපෑම පහව යාමත් සමඟ නැවත එම ධිවර යාත්‍රා ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටී.
එම බහුදින ධීවර යාත්‍රාවන්ට සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාව විසින් මෙලෙස නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද (2020 මැයි 21) පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.
මෙම සුලි කුණාටු තත්වය හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන්ද ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments