අයිස් නිෂ්පාදනය ඉහළ යයි
- 2016-12-07 23:20:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ දෛනික අයිස් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 2015 වසරේ දී මෙට්‍රික් ටොන් 3,819 ක් වූ ශ්‍රී ලංකාවේ දෛනික අයිස් නිෂ්පාදනය, 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසය වනවිට මෙට්‍රික් ටොන් 3,949 දක්වා ඉහළ ගොස් ඇතැයි එම අමාත්‍යාංශය කියයි.
2013 සහ 2014 වර්ෂවල ශ්‍රී ලංකාව තුළ අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා 90 ක් පැවැති අතර, 2015 වර්ෂය අවසාන වනවිට එම සංඛ්‍යාව 119 දක්වාත්, 2016 සැප්තැම්බර් වනවිට කර්මාන්ත ශාලා 123 දක්වාත් වැඩි කිරීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, ධීවරයන්ට මසුන් කල්තබාගැනීම සඳහා අවශ්‍ය සමස්ත අයිස් ප්‍රමාණය අදාළ කර්මාන්තශාලා තුළ නිපදවෙන බවත්, ධීවර වරායන් ආශ්‍රිතව ශීත ගබඩා පහසුකම් පුළුල් කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් පැවසෙයි.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments