අලි ඇතුන් 350ක් මරුට
- 2019-12-11 15:43:47
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ එකසිය තුනක් සිදුව තිබෙන අතර, ගෙවීගිය මාස 11ක කාලය තුළ අලි ඇතුන් මියයාම සඳහා අලි-මිනිස් ගැටුම් හා ස්වාභාවික හේතූන් බලපා තිබෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වසරේ ගෙවීගිය කාලය තුළ මියගිය අලි ඇතුන්ගෙන් හයදෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත.
පසුගිය වසරේදී සමස්ත කාලය තුළ අලි ඇතුන් තුන්සිය දහනවයක් මියගොස් තිබෙන අතර, ඉන් දහසය දෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ අනූදෙකක් සිදුව තිබෙන අතර, පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේදී අලි ඇතුන් මියයාම හා පුද්ගල මරණ ඉහළ ගොස් තිබේ.
	
Reply To:
Name - Reply Comment
0 Comments