පරිගණක වෛරසයකින් ප්‍රවේසම් වන්න’යි අවවාද
- 2017-04-19 14:24:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඊ-තැපෑලක (email) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.
තමන්වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව ඒ මහතා කියයි.
ප්‍රවෘත්ති,ශ්‍රව්‍ය,දෘෂ්‍යපට හා පීඩීඑෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්යා-ජ ඊ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බව සංසදය පවසයි.
පරිගණකය මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඊ-මේල් පණිවිඩ ආදිය යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා කියයි.
තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම(backup) වඩාත් ආරක්ෂාකාරී බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී තිබෙන බව සංසදය කියයි. වැඩිදුර තොරතුරු සඳහා www.cert.gov.lk පිවිසෙන ලෙස සංසදය පවසයි.
(විනීතා එම් ගමගේ) ලංකාදීප ඇසුරින්
Reply To:
Name - Reply Comment
0 Comments