Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන 'Harvest 2018' නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (11දා) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

ප්‍රදර්ශනය  16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ.

දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා ගොවි ජනතාවට හදුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝභ සදහා ජාත්‍යන්තර වෙළදපොළේ ඉහළ ඉල්ලූමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.