Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් ළමුන් අතර ස්ථුලතාව වැළැක්වීමේ සහ ඔවුන්ට සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට  කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

පාසල්වල සිට මීටර් 100ක සීමාව තුළ සෞඛ්‍යයට අහිතකර ආහාරපාන අලෙවිය සහ එවැනි ආහාරවල ප‍්‍රචාරණ කටයුතු සඳහා පාසල් වයසේ දරුවන් යොදා ගැනීම සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහය ඇතිව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. දරුවන් ඉලක්ක කර වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරයට පෙර දැන්වීම්වල සුදුසු නුසුදුසු බව තීරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ කර තිබේ. සෞඛ්‍යයට අහිතකර ආහාර නිෂ්පාදනය සීමා කිරීමට, ඒ සඳහා අවැසි ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට, ආහාර ලේබල් කිරීමට සහ පෝෂණ ගුණය සටහන් කිරීමට සටහන් කිරීම ද අනිවාර්ය කිරීමට ද තීරණය කර තිබේ. 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.