Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පාසල් ආරම්භ කිරීමෙන් පසු එම අහිමි වූ කාලය පිළිබදව ද සලකා බලමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා පැවසීය.  

නැවත පාසල් ආරම්භ කිරීම පිළිබදව හා අගෝස්තු මාසයේ දී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබදව  කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඩෙංගු උවදුර පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ස්වකැමැත්තෙන් පැමිණෙන ගුරුවරුන්, දෙමව්පියන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල පාසලට කැදවා, පාසල් තුළ ජලය එක්රැස් විය හැකි ස්ථානවල පවිත්‍රතා කටයුතු සිදු කරන ලෙසත්, පාසල් ආරම්භ කිරීම සදහා අවශ්‍ය වන දෑත් සේදීමේ පහසුකම්, රෝගී ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් නේ කර තැබීම සදහා ස්ථාන ආදිය සකස් කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බව ද ලේකම්වරයා සදහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් පාසල් ආරම්භ කළ හැකි බවට මේ වන තුරු දැනුම් දී නොමැති බැවින් පාසල් ආරම්භ කිරීමේ දිනයක් තවමත් තීරණය කර නොමැති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පාසල් ආරම්භ කිරීමෙන් පසු අහිමි වූ කාලයට අදාළ පාඩම් සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසු උසස් පෙළ විභාගය පවත්වන බවත්, දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැතිවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවත් කියා සිටියේය.    

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.