Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බ්‍රිතාන්‍යයේ විසූ නව ශිලා යුගයට අයත් ආදි මානවයා යහමින් කිරි පානය කර ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත. එම මානව පොසිලවල දත්වලින් ලබාගන්නා ලද සාම්පල පරීක්ෂා කර, වර්ණාවලීක්ෂයකින් විශ්ලේෂණය කිරීමේදී, එහි තිබී කිරි ප්‍රෝටීනයක් හඳුනාගෙන ඇති අතර,  එය ‘බීටා ලැක්ටොග්ලොබියුලීන්’ (BLG) ලෙස නම්කර ඇත. 

මීට වසර 6,000කට පමණ ඉහතදී ආදි මානව පරපුර අමු කිරි අධික උණුසුමට ලක්කර, චීස්, යෝගට් මට්ටමට කිරි ආහාරය සකසා හෝ වෙනත් එවැනි පැසුණු ද්‍රව්‍යයක් බවට පත්කර ඇති බවද, මෙසේ උණුකිරීමෙන් කිරිවල පවතින සීනි ප්‍රමාණය (ලැක්ටොස් මට්ටම) අවම කරගෙන, ඔවුන්ට රුචි ආකාරයෙන් ආහාර සකසා ගෙන ඇතැයිද වාර්තා වේ.

නව ශිලා යුගයේ මධ්‍ය යුගයේ විසූ ආදි මානවයන් සත්දෙනෙකුගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කර මෙම නිගමනය ලබාගත් බව ගවේෂකයෝ පවසති. එංගලන්තයේ නිරිත දිග ප්‍රදේශයේ නව ශිලා යුගයට අයත් පොසිල හමුවූ කැණීම් ස්ථානවලින් මේ බව තහවුරු වී තිබේ. එහිදී හමුවූ වළං කැබලිවල, කිරිවල ඇති ලිපිඩ පවා තිබූ බව තහවුරු වී ඇත. කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ගෘහාශ්‍රිත සතුන් සහිත ඇති කළ බවටද සාධක හමු ව තිබේ.

 “දත්වල තිබෙන සාම්පලවලින් ප්‍රෝටීන සොයාගැනීම මෑතකදී පැමිණි ක්‍රමවේදයක්. මීට පෙරත් මෙවැනි දෑ ගැන කළ අධ්‍යයන ඉතා සුළු ප්‍රමාණයක් තිබුණා. නමුත්, ප්‍රාග් ඓතිහාසික සාධකවලට වඩා පුරාවිද්‍යාත්මක සාධකවලට ඔවුන් යොමුව සිටියා.

ඇමරිකාව සහ යුරෝපයේ  විසූ නව ශිලා යුගයේ මිනිසුන් කිරි ආශ්‍රිත දෑ ආහාරයට ගත්තාය යන කරුණ අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක අනුවත් තහවුරු වෙනවා” යැයි එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සොෆී චාර්ල්ටන් මහත්මිය පැවසුවාය.

අතීතයේ විසූ යුරෝ-ආසියානු ජනයාගේ ජාන අධ්‍යයනය කිරීමේදී ලැක්ටෝස් සහිත කිරි සෘජුවම පරිභෝජනය කර ඇත්තේ මෑතකදී බවට හඳුනාගෙන ඇත. එය බහුලව භාවිත කළ බවට සැලකෙන්නේ ලෝකඩ යුගයේදීය. බ්‍රිතාන්‍යයේ නව ශිලා යුගය වසර 6,000 සිට 4,400 දක්වා කාලයක් පුරා පවතින බවද, එම අවධියේ කෘෂිකර්මයට පිවිසුණු මානවයෝ සිය ගොවිබිම්වල එළදෙනුන්, බැටලුවන්, ඌරන් සහ එළුවන් ආදී ගෘහාශ්‍රිත සතුන් ඇති කළ බවද ගවේෂකයෝ කියති.

(බීබීසී ඇසුරින්)

https://yonews.org/earliest-direct-evidence-of-milk-consumption-found-in-prehistoric-british-farmers/

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.