ආපදාවෙන් හා උණ රෝගයෙන් සිසුන් මුදවා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග
- 2018-05-31 14:48:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මෙන් ම දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් රෝගී තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කර පාසල් දරුවන්ට ඒ මගින් ඇති විය හැකි රෝගාබාධ වැළැක්වීම සඳහා විමසිලිමත්ව සිටිමින්, අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන් ම පාසල්, කාර්යාල හා අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම පිළිබඳ සියලු පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පළාත් හා කලාප කාර්යාල නිලධාරීන් මෙන්ම අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සහ මවුපියන් දැනුවත් කිරීමට සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එසේම පසුගිය කාලය පුරා දියත් කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
I: සබැඳි පුවත්-
Reply To:
Name - Reply Comment
0 Comments