ආහාර එතුම් පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- 2019-12-03 16:10:24
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආහාර එතුම් (Lunch Sheets) නිශ්පාදකයින් හා වෙළඳුන් විසින් එම ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයක ඇතුළත් විය යුතු තොරතුරු සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ආහාර එතුම් සහිත පැකට්ටුවක හෝ බණ්ඩලයකම සන්නම් නාමය, උපරිම සිල්ලර මිල, නිශ්පාදකයන්ගේ නම හා ලිපිනය, නිෂ්පාදිත දිනය හා ආයු කාලය, භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳව ප්‍රකාශනය (ආහාර සඳහා භාවිතයට සුදුසු හා ජෛවභාවයට පත්වන/ කොම්පෝස්ට් කළ හැකි), මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය, එතුමක ප්‍රමාණය ( සෙන්ටිමීටර/අඟල් වලින්), පැකට්වක හෝ බණ්ඩලයක අඩංගු එතුම් සංඛ්‍යාව යනාදී දෑ ඇතුළත් විය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මෙම 2020 ජුනි මස 01 දා සිට බලපැවැත්වෙන පරදි මෙම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඉහත තොරතුරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශ කළ යුතු බවත් එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
	
Reply To:
Name - Reply Comment
0 Comments