Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කෙරෙන ආහාර වර්ග 50ක ඇති පෝෂණ සංඝටක සහ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වූ විශ්ලේෂණ වාර්තාවක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කටයුතු යොදා තිබේ.

දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසක් ඇති වීම පාලනය මූලික අරමුණ කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ 92ක පිරිවැයක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව එම මුදල ලෝක බැංකු ණය ආධාර ක්‍රමය යටතේ ලබාදීමට නියමිතය.

එසේම රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, සම්බා යනාදී සහල් වර්ග 04ක්ද, මාළු, කරවල, එළවළු, පලතුරු, පොල්, පොල්තෙල් ඇතුළු තවත් ආහාර වර්ග රාශියක ඇති පෝෂණ සංඝටක සහ රසායනික ද්‍රව්‍ය පිළිබඳ මෙහිදී විශ්ලේෂණය කිරීමට නියමිතය.

ඒ අනුව එළවළු සහ පලතුරු වර්ගයන්හි පළමු සාම්පල පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි අන්තර්ජාතික ආහාර රසායනාගාරය වෙත මේ වනවිට යවා ඇති අතර, සහල්, මාළු, කරවල ආදියෙහි සාම්පල එළඹෙන මාර්තු මසදී එම ආයතනය වෙත යැවීමටද කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ %අද^ කළ විමසීමේදී මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, අදාළ විශ්ලේෂණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව එම ආහාරවල පෝෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම දිවයිනේ සුප්‍රසිද්ධ සූපවේදීන් සහ මාධ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් අදාළ ආහාර ආකර්ෂණීය ලෙස ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.