ඇසළ පෙරහරට කප් සිටුවයි
- 2019-08-02 12:54:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය කප් සිටුවීම වන අතර එය සිව්මහා දේවාලයන්හි සිදු කිරීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ උපද්‍රව රහිතව සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීම වන අතර කප් සිටුවීම තුළින් කලට වර්ෂාව ලැබී දිවයිනේ සමෘද්ධිය සහ සෞභාග්‍ය ද ප්‍රාර්ථනා කරති.
කුඹල් පෙරහැර එළැඹෙන පස්වන දින ද යෙදී ඇති බැවින් දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහැර පහක් පැවැත්වීමට නොහැකි නිසා එක් දිනයකදී පෙරවරුවේ සහ සන්ධ්‍යාවේ දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. වෙනත් වසරවලදි සිව් මහ දේවාලයන්හි කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වන ලදි.
චමිල් රූපසිංහ



Reply To:
Name - Reply Comment
0 Comments