Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළඹෙන 27 වැනිදා එනම්, ඇසළ පොහෝදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන අතර, එය එදින රාත්‍රී 10.45ට ආරම්භවී පසුදින (28දා) අලුයම 4.58ට අවසන් වේ.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පෙන්වා දෙන්නේ චන්ද්‍රග්‍රහණයක් පූර්ණ, අර්ධ සහ පෙනියුම්බ්‍රල් (Penumbral) ලෙස ප්‍රධාන ආකාර 03කින් සිදුවන අතර, මෙය මෙම වසරේ සිදුවන දෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණය වන බවයි.

එසේම එය විරල චන්ද්‍රග්‍රහණයක් ලෙසට හඳුන්වා දිය හැකි බවද එම ආයතනය සඳහන් කරයි.

චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වයි. චන්ද්‍රග්‍රහණයක් සිදුවිය හැක්කේ පුරපසළොස්වක දිනයකදී පමණි.චන්ද්‍රයා තාරකාවලට සාපේක්ෂව පෘථිවිය වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය දින 27.32කි.

සූර්යග්‍රහණ පෘථිවියේ ඉතා සීමිත ප්‍රදේශයකට පමණක් දිස්වන සිදුවීමක් වන අතර, එය නැරඹීමට ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුතු වුවත්, ඊට සාපේක්ෂව චන්ද්‍රග්‍රහණ පියවි ඇසින් නැරඹීමේ හැකියාවක් ඇති සේම එය පෘථිවියේ විශාල ප්‍රදේශයකටද නිරීක්ෂණය වන බවද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.