ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්ම රාත්‍රියටත්
- 2019-09-06 15:07:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වෙයි. කොළඹ අක්ෂි රෝහල ඇතුළුව දිවයිනේ රෝහල් 10ක මේ වන විට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකරයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
රාත්‍රී කාලයේදී ශල්‍යකර්ම සිදුකිරීමේ වැඩසටහන සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොළඹ අක්ෂි රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුනේ උතුර, මඩකලපුව, වව්නියාව, නාවලපිටිය යන රෝහල් වල මෙසේ රාත්‍රී කාලයේදී ශල්‍යකර්ම සිදුකිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments