ඉන්දුනීසියාවේ පැවැති නව නිපැයුම් තරගයකින් ලංකාවට රිදී පදක්කමක්
- 2019-12-04 17:07:20
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර නව නිපැයුම් තරගාවලියට ශ්‍රී ලංකා පාසල් කාණ්ඩය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුවෙක් එම තරගාවලියේදී රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත්විය.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුව ලබන නිම්දිය ගම්මන්පිල සිසුවා ඉදිරිපත් කළ වැහි පිහිලි වල ජලය ඉවත් කරන උපකරණයකට මෙසේ රිදී පදක්කම හිමිවිය.
මේ තරගය සඳහා මැලේසියාව, තායිලන්තය, විට්නාමය, පිලිපීනය, චීනය, දකුණු කොරියාව, ජපානය, ඊජිප්තුව, ඉන්දියාව, පෝලන්තය, සෞදි අරාබියාව, ක්‍රොඒෂියාව, කැනඩාව හා ඇමෙරිකාව යන වටවල්වලින් නව නිර්මාණ 250ක් පමණ ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී තාක්ෂණික ක්ෂේත්‍ර මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක් වූ යොවුන් නව නිපැයුම්කරුවන්ට ඉන්දුනීසියාවේ පැවැති මෙම තරගාවලියට එක්වීමට අවස්තාව හිමිවිය.
මෙම නිර්මාණයට අමතරව නිම්දිය විසින් ජල සංරක්ෂණ වගා බඳුන, සිමෙන්ති වයරින් බ්ලොක් ගඩොලය ඇතුළු නව නිර්මාණ කිහිපයක්ද නිම්දිය විසින් නිර්මාණය කර තිබේ.
	



Reply To:
Name - Reply Comment
0 Comments