ඉන්දූනිසියාවට භුමිකම්පාවක් - ලංකාවට ඇති අවදානම පහව යයි
- 2017-08-13 13:10:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඉන්දුනීසියාවේ බෙන්කුලු නගරයට කිලෝමීටර් 73ක් බටහිරින් භූ කම්පනය සිදුව ඇති අතර මරණ හෝ අලාභහානි සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැත.
ඉන්දුනීසියානු භූ විද්‍යා හා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ උදෑසන 10.08ට පමණ සිදුවී ඇති මෙම භූමි කම්පාවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි. භූ කම්පනයේ අපි කේන්ද්‍රය පොළව මට්ටමේ සිට කිලෝමීටර් 35ක් ගැඹුරින් පිහිටා ඇති බවද මෙය තරමක් ප්‍රබල භූමිකම්පාවක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
හටගත් භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ අනතුරු ඇඟවීම මේ වන විට ඉවත් කරගෙන තිබේ. භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානම් තත්ත්වයක් ඇති වීමේ අවදානම පහව ගොස් ඇති බවයි වාර්තා සඳහන් වේ. කෙසේ වෙතත් භූ කම්පනයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
PHOTO: USGS
Reply To:
Name - Reply Comment
0 Comments