Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ මෙහි මූලික රෝග ලක්ෂණ වේ.

නිසි දැනුවත්භාවය සහ  වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම මෙම රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති අතර, ඒ අනුව පාසල් ප්‍රජාව මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. රෝග ලක්ෂණ හා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිළිපැදිය යුතු කරුණු  ඔවුන් මෙසේ නිකුත් කර ඇත.

රෝග ලක්ෂණ :- උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යෑම, කැස්ස,උගුර ආසාදනය, හිසරදය හා හන්දිපත් වේදනාව

මෙම රෝගය වැලඳුන රෝගීන් කහින විට හා කිවිසුම් යවන විට පිටවන සෙම් බිඳිති මගින් මෙම රෝගය බෝවන බැවින් කිවිසුම් යන විටදී හෝ කහින විටදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කරන්න.

භාවිත කරන ලද ටිෂූ කඩදාසි විෂබීජ පැතිර නොයන සේ ආරක්ෂිතව බැහැර කරන්න. ලේන්සු තෙත් වූ වහාම සබන් යොදා හොඳින් සෝදන්න.

කිවිසීමෙන් පසුව හා කැස්සෙන් පසුව විෂබීජ අත්වල තැවැරී පැවතිය හැකි බැවින් හොඳින් සබන් යොදා දෑත් සෝදන්න.

නිතර අත ගැටෙන පෘෂ්ඨයන් (පරිගණක යතුරු පුවරු ආදී) සාමාන්‍ය විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.

මෙම උණ රෝග ලක්ෂණ පහළ වුවහොත් පාසල් යාමෙන් හා ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමෙන් වළකින්න.

මෙම රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.

පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් අන් අයගෙන් වෙන් කර තබන්න.

රෝගී වූ විට ඇඳ විවේකය, වැඩිපුර දියර වර්ග පානය කිරීම හා පෝෂ්‍යදායී ආහාර ගන්න.

විෂබීජ පැතිර යාම වැළැක්වීම සඳහා පාසලේදී සිසුන්ට අත් සේදීමේ පහසුකම් සලසා දෙන්න.

යම් පාසලක සිසුන් අතර මෙම රෝ තත්ත්වය තදින් පැතිර යන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට වහාම ඒ පිළිබඳව දැනුම් දෙන්න.

නිරෝෂා ප්‍රියදර්ශනී

influenza_virus_2008765-2300x1725

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.