Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

මිලියන 20ක්වූ ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ් පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

දියුණු තාක්ෂණය මේ වනවිට සෞඛ්‍ය සේවාවට රැගෙනවිත් තිබෙන බවත්, විදේශ ආයෝජනයක් ලෙස සියලුම රෝහල් මාස හතරක් ඇතුළත ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ 61 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මෙම උත්සවයේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දියුණු තාක්ෂණය සෞඛ්‍ය සේවාවට රැගෙනවිත් තිබෙනවා. ඊ-හෙල්ත් ව්‍යාපෘතිය හොරණ රෝහලෙන් ආරම්භකළා. විදේශීය සමාගමක් මට ආයෝජනයක් ගෙනත් දුන්නා සියලුම රෝහල් මාස 04කින් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට.

තවත් මාස 09කින් ලංකාවේ සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට එම සමාගම සූදානම්. එම සමාගම තමයි ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40ක්වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත ලබා දුන්නේ. ෆයිල් කවර භාවිත නොකර පරිගණක භාවිතයෙන් සේවාකට යුතු සිදුකළ යුතුයි. ඉදිරියේදී වෛද්‍ය විද්‍යාවත් වෙනස් වෙනවා. වසර 2030 වනවිට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වෙනවා. මේ වනවිට ඇමරිකාවේ එය ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවත් සූදානම් විය යුතුයි. විවෘත මනසකින් ගමන යා යුතුයි. වෘත්තීය ඉල්ලීම් ලබා දෙනවා. සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දෙනවා” යනුවෙන් කියා සිටියේය.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.