Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කොට ඇත.

ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ  දී  ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

"2016 වර්ෂයේ දී හා 2017 වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම වැඩි අගයක් දක්නට ලැබුණා. රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සේවා විධිමත්ව සිදුවීම හේතුවෙන් රෝගය පාලනය වුණා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් 180 ක් තුළ රෝගීන් 600 ක් පමණ සිටියා. කාර්ය මණ්ඩලය සාමූහිකව වැඩ කළා. රෝහලට අවශ්‍ය සියලු ම දේවල් අමාත්‍යාංශය මගින් මම ලබාදුන්නා. රෝගීන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නා. සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතුයි. අපි වැඩ වර්ජන කරනවා කියලා වැඩවර්ජනවලට දායක නොවන වෛද්‍යවරුන් ද සිටිනවා. දීප්තිමත් ඉතිහාසයක් ඇති සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතු වෙනවා. එම සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගන්නවා" යැයි ද පැවසීය.

"අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියේ දී නම් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. මාස 06 ක් තුළ ඒ සඳහා අවශ්‍ය සැලසුම් මා වෙත ලබාදෙන්න. එවිට මුදල් වෙන් කරන්නම්. මෙම රෝහල සංවර්ධනය කළ යුතුයි. ඉදිරියේ ඇති වන විවිධ රෝගවලට මුහුණ දිය යුතු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මෙම රෝහලේ සේවකයින් ඩෙංගු වසංගත කාලයේ දී කළ සේවාව මම අගය කරනවා. රෝගීන් ගැන සිතා පළමුව කටයුතු කිරීමත්, දෙවනුව තමන් ගැන සීතීමත් සෞඛ්‍ය සේවාවටම ආදර්ශයක්" යැයි ද කීය.

මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. 
(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.