උපකාරක පංති වලට පැමිණෙන ලෙස බලපෑම් කළ ගුරුවරුන් 31 ගැන පැමිණිලි
- 2018-05-22 14:25:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙසට හා සහභාගි කරවන ලෙසට සිසුන්ට සහ මවුපියන්ට විවිධ බලපෑම් සිදුකරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු පිළිබඳ තොරතුරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඇතැම් පාසල් ගුරුවරුන් තම උපකාරක පන්තිවලට සහභාගි නොවන සිසු දරුවන්ට පාසලේදී නොයෙක් ආකාරයේ හිරිහැර සිදුකරන බවට නිලධාරීන්ගෙන් සහ මවුපියන්ගෙන් පැමිණිලි ලැබී ඇත.
ඒ අතර ඇඹිලිපිටිය, හොරණ, කළුතර, හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර, කිළිනොච්චි යන කලාපවල පළාත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් 25 දෙනෙකු සහ ජාතික පාසල්වල සේවයේ නියුතු ගුරුවරු 6 දෙනෙකු සිටින බවද වාර්තා වේ.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 1988 අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා ලබාදීමට හැකි බවත් ඒ සම්බන්ධව සොයාබලා අවශ්‍ය විනය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ බලධාරීන්ට උපදෙස්දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments