Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


උප ඡායා චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ අද (16) රාත්‍රියේදීදිස්වන බව ග්‍රහලෝකාගාර දෙපාර්තුමේන්තුව පවසයි.

රාත්‍රී 10.24ට පමණ පෘථිවියේ උප ඡායාවට චන්ද්‍රයා ඇතුළුවී පසුදා අලුයම 2.23ට ඉවත්වන බවත්, චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 12.24ට දැකිය හැකි බවත්  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වළාකුළු පැහැදිලි අහසක් තිබේනම් ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනාටම මෙම සංසිද්ධිය නැරඹිය හැකි බවත්,එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඇසට හානිදායක නොවන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

පෘථිවියේ උප ඡායාව මතින් චන්ද්‍රයා ගමන් කරන විට සූර්ය කිරණ යම් ප්‍රමාණයක් චන්ද්‍රයා මතට වැටීම වළක්වන බවත්,එවිට චන්ද්‍රයාගේ කොටසක් පෘථිවියේ උපඡායාව මගින් වැසීයන බවත් පවසන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය එමගින් චන්ද්‍රයාගේ දීප්තිය අඩුවී යනආකාරය දැකිය හැකි බවද සඳහන් කරයි.

තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට උපඡායා ග්‍රහණයකදී චන්ද්‍රයාගේ වර්ණයේ සිදුවන වෙනස්වීම් හදුනාගැනීමට හැකිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

චන්ද්‍රග්‍රහණයකදී සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණෙන බැවින් සුර්ය කිරණ චන්ද්‍රයා මතට පතිතවීම වළක්වන බවත්,මෙහිදී පෘථිවියේ සිටින අයට චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම නොපෙනී යාම හෝ මඳක් අඳුරුව දිස්වීම සිදුවිය හැකි බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වැඩිදුරටත් සඳහන් කරයි.ada.lk

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.