Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෞද්ගලික මෙන් ම රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මක භාවය පිළිබඳ ව වගකීම් දැරීම සඳහා ස්වාධීන කොමිසමක් ඇතිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් පවතින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ පැවැති ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවයකට සහභාගි ඒ මහතා එසේ කීය.   

2016 වසරේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා සිසුන්ගේ ප්‍රමාණය 10%කින් වැඩිකිරීමට පියවර ගත්ත ද වසරකට උසස් පෙළ සමත්ව උසස් අධ්‍යාපන ලැබීමට සුදුසුකම් ලබාගත් දරුවන් 80%ක් දෙනාට රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමිවන බවත් පෙන්වාදුන් ග්‍රේරු මහතා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇතිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බවත් පෙන්වා දුනි. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට එරෙහි විශ්වවිද්‍යාල දරුවන් අරගල කරනවා. නමුත් සිතා බැලිය යුතුයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ලබාගත්තවුන් ඉන් එළියට විත් කරන්නේ කුමක් ද කියා. දුෂ්කර පළාත්වල පාසලට විද්‍යා විෂය උගන්වන්න, ගණිත විෂය උගන්වන්න යවන්න උපාධිධාරීන් නැහැ. එසේ නම් උද්ඝෝෂණ කිරීමේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත නොහැකිය. නිදහස් අධ්‍යාපනය ලබන සෑම සියලු දෙනාම මේ රටේ හිඟන්නටත් ණයයි. ඒ ඔවුන් ඉගෙන ගන්නේ මහජනතාවගේ බදු මුදලින් නිසා. 

පොතේ දැණුම නෙවෙයි ප්‍රයෝජනවත් වෙන්නේ වැඩ කළ හැකි අයයි මේ රටට අවශ්‍ය වෙන්නේ. ලෝකයේ ජීවන තත්ත්වය ඉහළ ගෙන යාමට අලුත් ඇසකින් ලෝකය දෙස බැලිය හැකි අයයි අවශ්‍යය වන්නේ. ඒ නිසා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මගපෙන්වීම යටතේ රාජ්‍ය මෙන් ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකියන ස්වාධීන ආයතනයක් පිහිටුවීම ආරම්භ කොට ඇත්තේ. 

තවමත් ශ්‍රී ලාංකිකයන් වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි එතරම් කැමැත්තක් නොදක්වන නමුත් රටක් ලෙසින් ඉදිරියට ගමන් කිරීමට නම් වෘත්තීය අධ්‍යාපනය නඟාසිටුවිය යුතු බවත් ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල පවා උසස් අධ්‍යාපනයෙන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වන බවත් පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ මෙන් ම ලෝකය පුරාද ඉල්ලම පවතින්නේ ඒ සඳහා බවත් පෙන්වා දුනි.

තාක්ෂණය රටේ දියුණුව සඳහා යොදා ගත යුතු යැයි ද මෙරට දරුවන් තාක්ෂණය මෙන් ම සමාජ මාධ්‍ය නිසා ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නම් ලංකාව මීට වඩා දියුණුවී ඇති බවත් පැවසීය.

දියුණුරටවල මෙන් ඉදිරියේ දී පිහිටවනු ලබන කොමිසම හරහා උසස් අධ්‍යාපනයේ සුදුසුකම් රාමුවක් ඇතිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.