උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මහපොළ වාරික ඉහළට
- 2019-03-14 10:35:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම ආයතනයේ සිසුන් වෙත මාසිකව ගෙවූ රුපියල් 1500ක් වන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය තාක්ෂණ අධ්‍යාපන පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රමුඛතම ආයතනයකි. එහි ප්‍රා දේශීය මධ්‍යස්ථාන 19ක සිසුන් 20000කට අධික පිරිසක් ඉගෙනුම ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments