Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යාපනය උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි.

‘‘ ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති උසස් තාක්ෂණ ආයතන 19 සඳහා දැනට බදවා ගනු ලබන්නේ සිසුන් දස දහසක් පමණයි. එය ක්‍රමානුකූලව තිස් දහසක් දක්වා වැඩි කිරීමට රජය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා වන ප්‍රතිපාදන වැඩි කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නවා. විශේෂයෙන් මෙම ආයතන තුළ පාඨමාලාවන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව විධිමත් කිරීමටත් පියවර ගත යුතුයි.

මෙම ආයතන තුළ ක්‍රියාත්මක වන පාඨමාලාවන් අතරින් තෝරාගත් කීපයක් සඳහා උපාධි තත්ත්වය පිරිනැමීමට අවශ්‍ය කටයුතු ද ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ සඳහා ඉදිරි අවුරුදු තුන ඉලක්ක කරගනිමින් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.”

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.