Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස හයක් ඇතුළත විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නා ක‍්‍රමයක් ඇති කරන ලෙස රජයට බල කර සිටීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ සඳහා අධ්‍යාපන බලධාරින්ට අවශ්‍ය සහාය දීමට තම සංගමය සුදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ආචාර්ය ප‍්‍රීමාල්  ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

දැනට විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නේ උසස් පෙළ විභාගය අවසන් වී වසර එක හමාරකට වඩා වැඩි කාලයක් ගතවූ පසුව යැයි කී ඒ මහතා මෙසේ කරන්නේ ඉතා පහසුවෙන් මාස හයක් ඇතුළත සිසුන් ගන්නට හැකියාව තිබියදී යැයි ද ඔහු කීය.

උසස්පෙළ විභාගයේ දී පිළිතුරු ලියා අවසන් වන විෂයයන් වහාම පිළිතුරු පත‍්‍ර සමීක්ෂණය සඳහා යැවිය යුතු බවත් එසේ පරික්ෂා කර අවසන් වන විෂයයන් හි ප‍්‍රතිපල නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් කී ප‍්‍රනාන්දු මහතා ඒ සමඟම සිසුන්ට නැවත පරික්ෂාව අවශ්‍ය නම් ඊට අවස්ථාව සලසා දිය යුතු බවත් කීය. 

මේ අනුව විශාල කාල පරාසයක් ඉතිරිවන  බවත් එහි දී විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට  ඕනැ තරම් කාලය තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අන්තර්ජාලය යොදාගෙන නවීන තාක්ෂණය ඔස්සේ මේ කටයුතු කළ හැකි බැවින් කාලය බොහෝ සේ ඉතිරි වන බව හෙතෙම තව දුරටත් පැවැසීය.

ලොව කිසිම රටක සිසුන් උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාල ආරම්භ කරනතුරු අවුරුද්දකට වැඩි කාලයක් නිකරුණේ ගත කරන්නේ නැතැයි ද  මේ සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඔහු පවසා සිටියේය.

(විනීතා එම් ගමගේ) ලංකාදීප

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.